Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ස්නූකර් ශූරයා ෆාහීම්

ජාතික ස්නූකර් ශූරයා ෆාහීම්

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය සංවිධානය කළ 66 වැනි ජාතික ස්නූකර් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් ෆාහීම් සමත් විය. අවසන් මහ තරගයේදී රාමු 6-1 ක් ලෙස ඔටර්ස් ක්‍රීඩා සමාජයේ රයන් සෝමරත්න පරාජය කරමින් ෆාහීම් පළමු වරට එම ශූරතාවට හිමිකම් කීවේය.

ලකුණු 66/35 ක් ලෙස පළමු රාමුව ජයගැනීමට සෝමරත්න සමත් වුවද, තෙවැනි රාමුවේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ෆාහීම් පිට පිටම රාමු 6 ක් ජයගනිමින් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. සිවුවැනි රාමුවේදී සහ හයවැනි රාමුවේදී ෆාහීම්ට තියුණු තරගයක් දීමට සෝමරත්න සමත් වුවද, ලකුණු 67/60 ක් සහ 65/56 ක් ලෙස එම රාමුවල ජය තහවරු කරගැනීමටද ෆාහීම්ට හැකි විය.

යූ.ඩබ්ලිව්. සුමතිපාල සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා තරගකරුවන් 31 ක් දෙනෙක් සහභාගි වූහ.


අවසන් මහ තරගය
මොහොමඞ් ෆාහීම් විසින් රාමු 6-1 ක් ලෙස රයන් සෝමරත්න පරාජය කරන ලදි. (35/66, 61/49, 64/30, 67/60, 72/12, 65/56, 75/26)

 

-036

 


අදහස් (0)

ජාතික ස්නූකර් ශූරයා ෆාහීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.