Last Update  :  2026-05-06 20:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජී. එල්. ගලප්පත්ති අනුස්මරණ කුසලාන ගාල්ල මහින්ද විද්‍යාලයට

ජී. එල්. ගලප්පත්ති අනුස්මරණ කුසලාන ගාල්ල මහින්ද විද්‍යාලයට

editorial - 2026 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (රජන්ත බමුණුකොටුව)

මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ දකුණු පළාත් ආරාධිත පාසල්  10- 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට රන්දුල මාබරණගේ නායකත්වයෙන් යුත් ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය.ජී. එල්. ගලප්පත්ති අනුස්මරණ කුසලාන වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම තරගාවලිය දකුණු පළාතේ 19න් පහළ කණ්ඩායම් වෙනුවෙන් සංවිධානය කරන ලද්දකි.

දකුණු පළාතේ ප්‍රධාන පෙලේ පාසල් 6ක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඕවර 8කට සීමාවූ අතර, අවසන් තරගයේදී ගාල්ල මහින්ද විද්‍යාලය විසින් මාතර රාහුල විද්‍යාලය ලකුණු 7 කින් පරාජය කරන ලදි.

මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස තම ජීවිතය කැප කළ ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ හිටපු විදුහල්පති ජී. එල්. ගලප්පත්ති මහතාට ගෞරව කිරීම පිණිස මෙම තරගාවලිය ජී. එල්. ගලප්පත්ති අනුස්මරණ කුසලාන තරගාවලිය ලෙසින් නම් කර තිබිණි.

අවසන් පූර්ව තරගයේදී ගාල්ල මහින්ද විද්‍යාලය විසින් මාතර ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6කින් පරාජයට පත් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මාතර රාහුල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. එබැවින් කාසියේ වාසිය හිමිකර ගනිමින් මාතර රාහුල විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ගාල්ල මහින්ද විද්‍යාලයේ සෙහස් අශිංස තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්විය. සෙහස් අශිංස ඉනිම 3කදී ලකුණු 106ක් රැස් කළේය. ඔහු මාතර රාහුල විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 46ක් රැස්කරමින් මෙම තරගාවලියේ පිතිකරුවකු ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්විය.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ තත්සර දෙව්මිත් තරග 3කදී කඩුලු ලකුණු 37කට කඩුලු 8ක් දවාලමින් වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්විය. තරග 2කදී ලකුණු 21කට කඩුලු 7ක් දවාලූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පුනාල් හංසජිත් දඟ පන්දු යවන්නන් අතුරින් කැපී පෙනිනි.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ තත්සර දෙව්මිත් තරගාවලියේ තුන් ඉරියව් ක්‍රීඩකයින් අතුරින් පළමු ස්ථානය හිමිකර ගත්තේය. ඔහු තරග 3 කදී ලකුණු 67ක් රැස්කළ අතර පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 37කට කඩුලු 8ක් දවාලීය.

 

ගාල්ල මහින්ද විද්‍යාලය: - ඕවර 8 කදී කඩුලු 6 ට 92 යි
(සෙහස් අශිංස 31, රන්දුල මාබරණ 23, තියොන් හේලික නොදැවී 17, ජනිරු විජයවර්ධන 22/2)

මාතර රාහුල විද්‍යාලය - ඕවර 8 කදී කඩුලු 8 ට 85 යි
(සෙනුක් දෙව්දිත් නොදැවී 16, චතුම් ගීනාත් නොදැවී 15, කවීෂ ගිත්මල් 17/3, මානිත රාජපක්ෂ 21/2)

 

සෙහස් අශිංස


අදහස් (0)

ජී. එල්. ගලප්පත්ති අනුස්මරණ කුසලාන ගාල්ල මහින්ද විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.