Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාමසේවා නිලධාරි කොට්ටාස මට්ටමින් ක්‍රීඩා තරගාවලි ලබන වසරේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. දෙහිවල දී පැවැති උත්සවයක දී ඇමැතිවරයා පැවසුවේ පාසල් ක්‍රීඩා උත්සව නැවත ආරම්භ කිරීමට ද මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා පවත්වන බවයි.
ඇමැතිවරයා උත්සව සභාවේ දී මෙසේ ද පැවසීය.
‘‘ලබන වසරේ ජනවාරි මාසයේ ඉකුත් ග්‍රාම නිලධාරි මට්ටමින් ක්‍රීඩා තරගාවලි පැවැත්වීම ආරම්භ කරනවා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ පුහුණු සංචිත කොට්ඨාස, දිස්ත්‍රික්ක, පළාත් හා ජාතික යන කාණ්ඩ හතරකින් පවත්වාගෙන යන්නත් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනවා“
“ඒ වගේ පාසල් ක්‍රීඩා කටයුතුත් නැවත ආරම්භ කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට උදව් කරනවා. අපි ක්‍රීඩාවට උදව් කරනවා වගේම ඉතා පැහැදිලිව කියන්න කැමැතියි විනය කඩ කරන ක්‍රීඩකයන්ට අපෙන් කිසිම සමාවක් නෑ, කියන කාරණාවක් ඒ ගැන අපි ජාතික ක්‍රීඩා සංගම්වලටත් දැඩිව අවධාරණය කරලා තිබෙනවා“ යයිද ඇමතිවරයා පැවසීය.
“දැනටමත් අපි මහේල ජයවර්ධන මහතාගේ ජාතික ක්‍රීඩා සභාවක් එකතු කරගෙන ක්‍රීඩකයන් 60කට වැඩි ගණනක් ගිවිසුම් ගත කරලා ඔවුන්ට සාධාරණ ගෙවීමකුත් කරලා සංචිත ගත කරලා තිබෙනවා.“
“අද අම්මලා දරුවන් ක්‍රීඩාවට යොමු කරන්න කැමති නෑ. ඒ ඔවුන්ගේ අධ්‍යාපනය අඳුරුවෙයි කියන බයට. නමුත් ලෝකය ක්‍රීඩාවෙන් ජයගත් ආර්ථික අතින් ශක්තිමත් කරගෙන තමන්ගේම ව්‍යාපාර කරන තරග ක්‍රීඩකයන් රැසක් අද දැකගන්න පුළුවන්. ක්‍රීඩාව රැක බලා ගන්නා අමාත්‍යාංශයක් හැටියට මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතයත් රැකබලා ගන්න අපි සුදානම් බවත් මවුපියන්ට මතක් කරන්න කැමැතියි.“ යයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.