ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ පෙර ගමන්කරු ශ්‍රී ලංකා යුද හමුදාව බවට හැදින්වීමේ වරදක් නැතැයි යුද හමුදා ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රවී වෙත්තසිංහම් මහතා පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදා වර්ණ ප‍්‍රදාන රාත‍්‍රීය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී හෙතෙම මෙම අදහස් ප‍්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "ශ්‍රී ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ යුද හමුදාව දක්වා ඇති දස්කම් ඉතා ඉහළයි. ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයන් ලබා ඇති ජයග‍්‍රහණ සලකා බැලූ විට එය පැහැදිලිව අවබෝධ වෙනවා. සංඛ්‍යාව අතින් ගත්තොත් ජාත්‍යන්තර තරග වලදී රන් පදක්කම් 49 ක්, රිදී පදක්කම් 116 ක් හා ලොකඩ පදක්කම් 147 ක් හිමිකර ගැනීමට එම ක‍්‍රීඩක කීඩිකාවන් සමත් වෙලා තියෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව ඔලිම්පික් හා පැරාඔලිම්පික් තරගාවලි වලදී මෙතෙක් ලබාගත් පදක්කම් තුනම ශ්‍රී ලංකාවට හිමිකර දී තිබෙන්නේ යුද හමුදාව නියෝජනය කළ ඩන්කන් වයිට්. සුසන්තිකා ජයසිංහ හා ප‍්‍රදීප් සංජය වැනි කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් වීම අපට මහත් ආඩම්බරයක්. එමෙන්ම අද ලංකාවේ තිබෙන ඉසව් 55න් 35 ක් ශ්‍රී ලංකා යුද හමුදා ක‍්‍රීඩක වියෝජනයක් තිබෙනවා” යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ යුද හමුදා ක‍්‍රීඩා අධ්‍යක්ෂ අතුල ගලගමගේ මහතා පැවසුවේ මෙවර වර්ණ ප‍්‍රදානෝත්සවයේදී පසුගිය වසරේ පැවැති ක‍්‍රීඩා 35 කදී දස්කම් දැක්වූ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් 595 දෙනෙකුට වර්ණ ලබාදීමට නියමිත බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.