Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ පැසිපන්දු සමාජය අවසන් තරගයට

කොළඹ පැසිපන්දු සමාජය අවසන් තරගයට

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ පසුගිය වසරේ ශූරයන්වූ කොළඹ පැසිපන්දු සමාජය මෙවර තරගාවලියේදීත් සිය අපරාජිත බව රැකගනිමින් එහි I කාණ්ඩයේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් වටයේ තරගයකින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හමුවේ ලකුණු 47 - 45 ක් ලෙස තියුණු ජයක් වාර්තා කළ කොළඹ පැසිපන්දු සමාජය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ආරම්භයේ සිට දෙපිලම එකිනෙකාට නොදෙවෙනි ආකාරයෙන් කී‍්‍රඩා කළ අතර තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 20 - 19  ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටියේය.

කෙසේ වුවත් අවසන් කාර්තුව වන තෙක්ම පෙරමුණ ගෙන සිටි ගුවන් හමුදා කණ්ඩායම තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී පසුපසට ඇද දමමින්, තරගය තමන් වෙත නතු කරගැනීමට ඉතා උපක‍්‍රමශීලී අයුරින් කී‍්‍රඩා කළ කොළඹ පැසිපන්දු සමාජයේ කී‍්‍රඩකයෝ සමත්වූහ.

එහිදී ගුවන් හමුදා කණ්ඩායමේ රවී දොඩංගොඩ ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාසයක් පෙන්නුම් කරමින් ලකුණු 20 ක් රැස්කළද, ඔහුට තම කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

මෙම තරගය පරාජය වූවත් ගුවන් හමුදා කණ්ඩායමට තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට තවත් අවස්ථාවක් තිබේ. ඒ සඳහා ඔවුන් අවසන් වටයේ දෙවැනි තරගයෙන් හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම පරදවා ජයගත් පසුව හම්බන්තොට බ්ලූස් කණ්ඩායම සමගද තරග වැදී ඉන් ජයගත යුතුය.

- 036


අදහස් (0)

කොළඹ පැසිපන්දු සමාජය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.