Last Update  :  2026-04-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ක්‍රීඩකයෝ සාර්ථක පිළිතුරකට සැරසෙති
ජාතික සුපිරි ලීගය

කොළඹ ක්‍රීඩකයෝ සාර්ථක පිළිතුරකට සැරසෙති

editorial - 2026 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (7) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටියේය. 

ඒ අනුව කොළඹ කණ්ඩායම දඹුල්ල කණ්ඩායමට වඩා තවත් ලකුණු 255 ක් පසුපසින් සිටියි. කොළඹ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රවිඳු රසාන්ත (69) සහ තරිඳු අමරසිංහ (52) සමත් වූහ. එහිදී තරමක් වේගයෙන් ලකුණු රැස්කළ තරිඳු හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර රවිඳුගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 408 ක් රැස්කළේය. එහිදී අර්ධ ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරුවන් වූ  නිෂාන් මදුෂ්ක (97) සහ තනුක දාබරේ (56) සමත් වූ අතර අංජල බණ්ඩාර (95) ශතක පෙනි පෙනී සිටියදී දැවී ගියේය. 

නිෂාන් හතරේ පහර 9 ක් සමගින්ද, තනුක හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින්ද, අංජල හතරේ පහර 9 ක් සමගින්ද ලකුණු රැස්කළ අතර කවිඳු පතිරත්න හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් රැස්කළේය. ප්‍රභාත් ජයසූරිය කොළඹ කණ්ඩායම වෙනුවනේ කඩුලු 3 ක් දවාගැනීමට සමත් වුවද, ඔහුගේ පන්දු හමුවේ ලකුණු 110 ක් රැස්කිරීමට දඹුල්ල පිතිකරුවෝ සමත් වූහ. 

 

දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 408 
(නිෂාන් මදුෂ්ක 97, තනුක දාබරේ 56, කවින් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, කවිඳු පතිරත්න 49, අකිල ධනංජය නොදැවී 26, ප්‍රභාත් ජයසූරිය 110/3, ජනිත් ලියනගේ 28/2, චමෝද් බට්ටගේ 57/2) 

කොළඹ පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 153 
(රවිඳු රසාන්ත 69, තරිඳු අමරසිංහ 52, ධනංජය ලක්ෂාන් නොදැවී 19, ශක්ති උදාර 29/2) 

 


අදහස් (0)

කොළඹ ක්‍රීඩකයෝ සාර්ථක පිළිතුරකට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.