ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නව මුලස්ථානය මේ මස 18 වැනිදා සවස 5.00 ට නුගේගොඩ කොහුවල සුනේත‍්‍රාදේවි මාවතේ අංක 25 දරණ ස්ථානයේදී ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
විවෘත කිරීමේ උත්සවයට සමගාමීව පැවැත්වෙන කැරම් සම්මේලන වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සයේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 140 දෙනෙක් සම්මාන ලබති.
මෙම නව කැරම් සම්මේලන මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණය වායු සමනය කිරීම් සහිතව අන්තර්ජාතික තරග පැවැත්වෙන අයුරින් ඉදිකර ඇතැයි කැරම් සම්මේලනය පවසයි.
මෙදින ජාතික කැරම් ශූර චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු අතර ප‍්‍රදර්ශන කැරම් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.