Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා වෙරළ වොලිබෝල් පිලේ ගමන නවතී
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

කාන්තා වෙරළ වොලිබෝල් පිලේ ගමන නවතී

editorial - 2022 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ‍වොලිබෝල් කාන්තා ඉසව්වේ ඊයේ (5 වැනිදා) රාත්‍රියේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කැනඩාව හමුවේ වට 2-0 ක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ ‍අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ලකුණු 21/09 ක් ලෙස එම තරගයේ පළමු වටයේදී පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහ, එහි දෙවැනි වටයේදී කැනඩා ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත් වූයේ ලකුණු 21/11 ලෙසිනි.  

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාව එහිදී ඕස්ට්‍රේලියාව හමුවේ වට 2-0 ක් ලෙසද, සයිප්‍රසය හමුවේ වට 2-0 ක් ලෙසද පරාජයට පත්වූ අතර ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ දූපතට එරෙහිව වට 2-0 ක ජයක් ලැබීය. ඒ අනුව ‘බී’ කාණඩයේ තෙවැනියා ලෙස ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසියේය.


අදහස් (0)

කාන්තා වෙරළ වොලිබෝල් පිලේ ගමන නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.