Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා කබඩි පිලට ජයග්‍රහණ දෙකක්

කාන්තා කබඩි පිලට ජයග්‍රහණ දෙකක්

Nisanka Sandeepani - 2018 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කබඩි ඉසව්වේ අද (20 වැනිදා) පැවැති මූලික වටයේ තරග දෙකකදී ඉන්දුනීසියාව සහ ජපානය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් විය. 

ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 34-17 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම, ජපානයට එරෙහිව පැවැති තරගයෙන් ජය ලැබූවේ 22-17 ක් ලෙසිනි. 

ඊයේ (19 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී තායිලන්තය හමුවේ වට 41-15 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

ඒ අනුව මෙතෙක් සහභාගි වූ තරග 3 දී ජයග්‍රහණ 2 ක් සහ එක් පරාජයක් ලබා සිටින ශ්‍රී ලංකාව, හෙට (21 වැනිදා) ඉන්දියාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එය ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වන අවසන් තරගයයි. 

-036 


අදහස් (0)

කාන්තා කබඩි පිලට ජයග්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.