Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා එක්දින තරග කොන්දේසි වෙනස් කරයි

කාන්තා එක්දින තරග කොන්දේසි වෙනස් කරයි

editorial - 2021 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ (2022) නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී ලකුණු සමවන සියලු තරගවල ජයග්‍රහණය සුපිරි ඕවරයෙන් තීරණය කෙරෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. කාන්තා සීමිත ඕවර ක්‍රීඩාවේ කොන්දේසිවල තවත් වෙනසක් සිදුකරමින් මැදපෙළ පිතිකරුවන්ගේ අභිමතය පරිදි මීට පෙර ගනු ලැබූ ප්‍රහාරාත්මක ඕවර පහක අවස්ථාවද අවලංගු කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙම තීරණය ගෙන ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට වසරකටත් අඩු කාලයක් තිබියදීය.

මේ වසර අගදී බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියද 2023 ජනවාරි මාසය දක්වා කල් දමා තිබේ.

කොරෝනා වයිරසය බොහෝ රටවල වයස 19 න් පහළ වැඩසටහන් ස්ථාපිත කිරීම හා සංවර්ධනය කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර මේ වසර අගදී ගෝලීය ඉසව්වක් සඳහා කණ්ඩායම්වලට නිසි ලෙස සූදානම් වීමට නොහැකි වනු ඇත” යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එලෙසම, 2022 කාන්තා ලෝක කුසලානය සඳහා වන ගෝලීය සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියද කල් දමා තිබේ. එය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.


- 2079

 


අදහස් (0)

කාන්තා එක්දින තරග කොන්දේසි වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.