දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීමට රණවීරුවන් සහ පාසල් දරුවන් වෙනුවෙන් වියදම් කළ මුදල් පිළිබඳව වගකීම තමන් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා එසේ පැවසීය.
එම වියදම් පිළිබඳව එල්ල වන චෝදනා සහ ඇතැමුන් ඒ පිළිබඳව තොරතුරු ඉල්ලා සිටීම අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“මට ප්‍රවේශපත් 800 ක් දුන්නා කියලා තිබුණා. අපි ලබාගත්තේ ක්‍රීඩා අමාත්‍යංශයට හිමිකමක් ඇති ප්‍රවේශපත් පමණයි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිතුරු දී තිබෙනවා”
“පාසල් සිසුන්ට තරග නැඹීමේ අවස්ථාව ලබාදීමට ලක්‍ෂ 30 නොවෙයි ලක්‍ෂ 50 ක් වියදම් වුණක් මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ක්‍රිකට් ආයතනයේ වියදම් දිහා බලන විට...”
“මම එයට හොඳ උදාරණයක් දෙන්නම්. දකුණු අප්‍රිකානු සංචාරයේදී භෝජන සංග්‍රහයක් දෙන්න ලැස්ති කළා. මම කිව්වා ඒවා කරන්න... නම් මම මේ වැඩබලනවා කියලා. නමුත් ඒ භෝජන සංග්‍රහයට වඩා අඩුවෙන් මේ ළමයින්ට තරග බලන්න අපි වියදම් කළා”
“රණවිරුවන්ට, දරුවන්ට වැඩි වියදම් කළත් මම කියන්නේ ඒක හොඳ දෙයක්. ඒ නිසා මම වගකීමෙන් කියනවා මම ඒ වියදම් ගැන බයක් නෑ. මම කිව්වේ කරන්න කියලා”
“දුෂ්කර පාසල්වල දරුවන්ට තරගයක් බලන්න දෙන එක වැරැද්දක්ද? අපේ ක්‍රිකට් අනාගතය හදන්න පුළුවන් ළමයි තරග බැලුවොත් විතරයි. රණවිරුවන් අපි වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ඔවුන්ව තරගයක් බලන්න ගෙනිච්ච එකේ වැරැද්දක් තියෙනවද? යැයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.