Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අරමුදලට ලක්ෂ 5 ක්

ක්‍රීඩා අරමුදලට ලක්ෂ 5 ක්

editorial - 2023 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීම සඳහා  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙන් රුපියල් ලක්ෂ හත හමාරක් (750,000.00) ක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ප්‍රදානය කර තිබේ.

ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ  සභාපති කංචන ජයරත්න මහතා විසින්  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  වෙත රුපියල්. 250,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් ක්‍රීඩා හා  යෞවන කටයුතු අමාත්‍යාංශයේදී අඟහරුවාදා (21) සිදු කරන ලදි. මීට පෙරද රුපියල් 250,000 ක මුදලක් ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කර ඇති අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ක්‍රීඩා සංවර්ධන අරමුදල වෙනුවෙන් රුපියල් 500,000.00ක (ලක්ෂ 5 ක) මුදලක් පරිත්‍යාග කර තිබේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා, විධායක කමිටු සාමාජික රමණී කුලතිලක මහත්මිය  සහභාගී  වූහ.

 
-213

අදහස් (0)

ක්‍රීඩා අරමුදලට ලක්ෂ 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.