Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම් කමල් පද්මසිරි

ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම් කමල් පද්මසිරි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්.ටී. කමල් පද්මසිරි මහතා අද (14 වැනිදා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය. මේ මස 2 වැනිදා සිදුකෙරුණු කැබිනට් සංශෝදනයට ප්‍රකාරව අමාත්‍යාංශ විෂය ගැසට් කිරීම පෙරේදා (12 වැනිදා) සිදුකෙරුණ අතර ඊට අදාළව මෙම පත්කිරීම සිදුව තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 21 වසරක සේවා අත්දැකීම් වලින් පරිනත කමල් පද්මසිරි මහතා මින් පෙර රාජ්‍ය කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසත්, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇත.

එමෙන්ම කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරයා වශයෙන්ද සේවය කර ඇති ඒ මහතා 2016 වසරේ සැප්තැම්බර් මාසයේ සිට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

තංගල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කමල් පද්මසිරි මහතා සිය ප්‍රථම උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්ද, පශ්චාත් උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ද ලබා තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජයන්ත විජේරත්න මහතා ජනාධිපති අතිරේඛ ලේකම්වරයකු ලෙස තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියැලෙනු ඇත.


- 036

 


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම් කමල් පද්මසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.