ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුවට විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන චන්ද්‍රා ජයතිලක, අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන සුනිල් සිරිසේන යන මහත්වරු පත්වූහ.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන ආර්. එම්. ආර්. ඩී. දිසානායක මහතා අතිරේක නිලධාරීහූ ලෙස පත්වූහ.
ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද (12) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභාවේදී මෙම නිලධාරීහූ පත්වූහ.
මෙම නිලධාරීහූ ක්‍රීඩා සමාජවල නියෝජිතයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පත්වූහ. එම යෝජනා ‘සුමතිපාල’ පාර්ශවයට සම්බන්ධ ක්‍රීඩා සමාජ ඉදිරිපත් කළ බවත් ‘රණතුංග’ පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් නොවූ බවත් වාර්තා වේ.
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් බුවනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මහ සභාව විනාඩි 45 ක පමණ කාලයකින් අවසන් වූ බව වාර්තා වේ.
ක්‍රීඩා පනතේ නව සංශෝධනවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘අ’ ශ්‍රේණියේ ක්‍රීඩා පාලක සංගමයක් වීම නිසා නිලවරණ කමිටුවට අනිවාර්යෙන්ම මහාධිකරණ හෝ අභියාචනාධිකරණ විශ්‍රාමලත් විනිශ්චකාරවරු දෙදෙනෙකු ඇතුළත් විය යුතුව තිබුණි.
ක්‍රීඩා සංගම් නිලවරණ කමිටු සම්බන්ධයෙන් ක්‍රීඩා පනතට කළ සංශෝධනයේ ඇති දෝෂයක් පිළිබඳව ද මෙහිදී කථා බහට ලක්ව තිබේ. එය සකස් කිරීමට පියවර ගන්නා බවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ක්‍රීඩා සංගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.