Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිස්තු රාජ විදුහල අවසන් පූර්ව වටයට

ක්‍රිස්තු රාජ විදුහල අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ජා-ඇල ක්‍රිස්තු රාජ විදුහල සමත් විය.

දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගලහිටියාව මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ක්‍රිස්තු රාජ විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එහිදී අමීෂ විඳුරංග සහ රාජ්කුමාර් සූරියාරච්චි ක්‍රිස්තු රාජ විදුහල වෙනුවෙන්ද, රුනද කෙනුමික සහ ලූකස් කේසර් ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන්ද කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 58 කදී කඩුලු 9 ක් දැවී 150
(ශිරාන් ජයසිරි 34, රෂ්මික හිරුෂාන් 31, සෂාන් රෂ්මික 22, දර්ශන චතුරංග 20, රුනද කෙනුමික 34/3, ලූකස් කේසර් 54/3)

ගලහිටියාව මැදි විදුහල - ඕවර 85 කදී සියලු දෙනා දැවී 85
(එසඳ සිතුම් 25, අමීෂ විඳුරංග 16/3, රාජ්කුමාර් සූරියාරච්චි 18/3, සොනාල් හසන්ත 31/2)


- 036

 


අදහස් (0)

ක්‍රිස්තු රාජ විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.