ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සි ඉසව්වේ කාන්තා ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය යටතේ අද (25 වැනිදා) පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තජිකිස්තානයේ ෂොයිරා සුල්කයිනරෝවා හමුවේ පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ කිෂ්මි ධර්මතිලකට එම බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය.
අද පැවැති බොක්සිං ඉසව්වේ පිරිමි මූලික වටයේ තරගවලට සහභාගී වූ ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහට සහ දිනිදු සපරමාදුටද ඔවුන් නියෝජනය කළ බර පංතිවල පෙර අර්ධ අවසන් පූර්ව වටවලට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ.
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය යටතේ තරග වැදුණ තිවංක එහිදී ඉන්දුනීසියාවේ මාරියෝ කාලි හමුවේද, ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය යටතේ තරග වැදුණ දිනිදු එහිදී තජිකිස්තානයේ බකෝදුර් උස්මොනොව් හමුවේදී පරාජයට පත්වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.