Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්ලැසික් බැඩ්මින්ටන් තරග සැප්: 2 දා සිට

ක්ලැසික් බැඩ්මින්ටන් තරග සැප්: 2 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 18 වැනි ‘ක්ලැසික්’ බැඞ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

වයස 14 න් පහළ සහ වයස 18 න් පහළ යුගල සහ කේවළ ඉසව් ද, වයස 20 න්ඉහළ සහ වයස 40 න් ඉහළ ආධුනික පිරිමි කේවල, යුගල සහ මිශ්‍ර යුගල ඉසව් මෙන්ම වයස 30 න් ඉහළ ආධුනික කාන්තා කේවළ සහ යුගල ඉසව් ද තරගාවලියට ඇතුළත්ය.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශූරතා කුසලාන සහ වටිනා ත්‍යාග පිරිනැමේ.

බස්නාහිර පළාතේ ස්ථිර පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලියේ අයැදුම්පත් මෙම 23 වැනිදාට පෙර බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය, තරග ලේකම්, ෂටල්පවර් බැඞ්මින්ටන් ක්‍රීඩාගාරය, නො: 136, පුර්වාරාම පාර, කිරුලපන, කොළඹ 05 ලිපිනයට යොමු කළ යුතුය.

වැඩි විස්තර ලේකම් අසංක පීරිස් (0718217056) ඇමැතීමෙන් ලබාගත හැකිය.


- 090

 


අදහස් (0)

ක්ලැසික් බැඩ්මින්ටන් තරග සැප්: 2 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.