(රජන්ත බමුණුකොටුව)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ II වැනි කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ යසෝදරා බලිකා විද්‍යාලය සමත්විය. පළමු වටයේදී පාසල් කණ්ඩායම් 116ක් සහභාගිවූ මෙම තරගාවලිය අවසන් තරගය පසුගියදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි.
අවසන් මහ තරගයේදී කොළඹ යසෝදරා විද්‍යාලය සහ ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය තරග වැදුණි. එහිදී ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 56ක ජයක් ලබමින් කොළඹ යසෝදරා විද්‍යාලය ශූරතාව දිනා ගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොළඹ යසෝදරා විද්‍යාලය නියමිත පන්දුවාර 25 තුලදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 155ක් රැස් කළේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ වෙතුම්‍යා විජේසූරිය පන්දු 69කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් රැස් කළාය. පාවින්දි නිර්මාණි (23) සහ සහේලි දිසානායක (21) යසෝදරා ඉනිම ගොඩනැගීමට දායකවූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයට තම ඉනිමට නියමිත පන්දුවාර 25 තුලදී කඩුලු 4ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 99 ක් පමණි. එහිදී චතුමිණි ඒකනායක පන්දු 55 කදී හතරේ පහර 6 ක් සමඟින් නොදැවී ලකුණු 54ක් රැස් කළාය. සසෝදරා විද්‍යාලය වෙනුවෙන් පාවින්දි නිර්මාණි ලකුණු 18කට කඩුලු 2ක් දවාලීමට සමත්වූවාය.
කොළඹ යසෝදරා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 64ක් රැස් කළ වෙතුම්‍යා විජේසූරිය අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය. ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය වෙනුවෙන් නොදැවී ලකුණු 54ක් රැස් කළ චතුමිණි ඒකනායක අවසන් තරගයේ දක්ෂතම පිතිකාරිණය ලෙසත් යසෝදරා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 18කට කඩුලු 2ක් දවාලූ පාවින්දි නිර්මාණි අවසන් තරගයේ දක්ෂතම පන්දු යවන්නිය ලෙසත් සම්මාන ලැබූහ.
කොළඹ යසෝදරා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 8 ට 155 යි
(වෙතුම්‍යා විජේසූරිය 64, පාවින්දි නිර්මාණි 23, සහේලි දිසානායක 21)
ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 4 ට 99 යි
(චතුමිණි ඒකනායක නොදැවී 54, පාවින්දි නිර්මාණි 18/2)

චතුමිණි ඒකනායක - ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය

පාවින්දි නිර්මාණි - කොළඹ යසෝදරා විද්‍යාලය

වෙතුම්‍යා විජේසූරිය - කොළඹ යසෝදරා විද්‍යාලය
කොළඹ යසෝදරා විද්‍යාලයීය සංචිතය:
කව්මිණි ජයසේකර (නායිකාව), අංජනා ඉඳුමිණි (උප නායිකාව), සඳිති සියත්රා, පාවින්දි නිර්මාණි, වෙතුම්‍යා විජේසූරිය, ලිහංසා දුල්මි, සහේලි දිසානායක, සසදරා දේවනාරායන, සහන්ලි අතුකෝරල, ටෂ්මි සෙනාරා, දිනංගා විජේසිංහ, සසුලි පෙරේරා, ලසන්තා රාජකරුණා මිය (ක්‍රීඩා පරිපාලිකා), සුමුදු අබේරත්න මිය (කණ්ඩායම් භාර ආචාරිණිය), සඳුනි අබේවික්‍රම
මෙනවිය (ප්‍රධාන පුහුණුකරු), රෙහාර ගිම්හාන (සහාය පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.