ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (19 වැනිදා) පැවැති පිරිමි වෙරළ වොලිබෝල් තරගයකින් කසකස්ථානය හමුවේ තරග වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය. පළමු වටයේදී 23-21 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව දෙවැනි වටයේදී 21-11 ක් ලෙස පරාජයට පත්විය.
දිමිත්‍රි යකොලෙව් සහ සෙරජී බොගාටූ කසකස්ථාන කණ්ඩායම නියෝජනය කළ අතර ප්‍රදීප් කුමාර සහ මලින්ත යාපා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ‘බී’ කාණ්ඩයෙන් තරග වදිති.
කසකස්ථානය හමුවේ පරාජයට පත්වුවද ප්‍රසාද ලකුණක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර කසකස්ථානයට ප්‍රසාද ලකුණු 2 ක් හිමිවිය.
ශ්‍රී ලංකාව සහභාගීවන දෙවැනි තරගය කොරියාවට එරෙහිව 21 වැනිදා පැවැත්වෙන අතර කටාර් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි තරගය 23 වැනිදා පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.