Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කල්ලිය අක්‍රීය වෙයි

කල්ලිය අක්‍රීය වෙයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය කාලයේ ජාත්‍යන්තර තරග පැවැත්වෙන අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව නියෝජනය කළේ යැයි කියන නිලධාරියකුගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වූ කල්ලියක් මේ වනවිට අක්‍රීය වී ඇතැයි දඹුල්ල ප්‍රදේශවාසීහු කියති.

මෙම පිරිස සුදු කමිස ඇඳ ටයි පටි පැළඳ ක්‍රීඩාංගණයේ සහ පිටත විවිධ සේවයන්ගේ නිරත වූ බව වාර්තා වේ.  
එම පිරිසේ මැදිහත් වීමෙන් ක්‍රීඩාංගණයට මීටර 100 කට පමණ දුරකින් පිහිටි පෞද්ගලික නිවසක ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූ නිලනොවන ප්‍රවේශපත් අළෙවි මධ්‍යස්ථානය ද අද තරගය වෙනුවෙන් ක්‍රියාත්මක නොවූ බව වාර්තා වේ.

මීට වසර දෙකකට පමණ පෙර සංචාරයකදී මෙම පිරිසගේ ක්‍රියාකළාපය නිසා ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අන්තයේ මාර්ගයේ ඇති වූ කළහකාරී සිද්ධීයක් පොලිසියේ මැදිහත්වීමෙන් පාලනය කිරීමට සිදුවූ බව ද ප්‍රදේශවාසීහූ පවසති.

 


අදහස් (0)

කල්ලිය අක්‍රීය වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.