Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කපිල ජයලත් අනුස්මරණ කුසලාන ශාන්ත සර්වේශස්ට

කපිල ජයලත් අනුස්මරණ කුසලාන ශාන්ත සර්වේශස්ට

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

(කරන්දෙණිය එම.සුසිල් ප්‍රියන්ත)

කපිල ජයලත් අනුස්මරණ කුසලාන වයස 15 න් පහල දකුණු පළාත් ආරාධිත පාසල් ඕවර පහයි-පහ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය සමත් විය.

අවසන් මහා තරගයේදී ලකුණු 21 කින් මාතර රාහුල විද්‍යාලය පරාජය කරමින් තරගාවලියේ ශාන්ත සර්වේශස් විද්‍යාලය ශූරතාව දිනා ගත්තේය.

දකුණු පළාත් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සංවිධානයෙන් අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ මෙම මස 7 සහ 8 දෙදින පැවැති මේ තරගාවලිය සඳහා දකුණු පළාතේ වයස 15 න් පහල ක්‍රිකට් කණ්ඩායම් 24 ක් සහභාගි වුහ.

මේ කණ්ඩායම් අතරින් හික්කඩුව ශ්‍රී සුමංගල, රත්ගම දේවපතිරාජ, මාතර සර්වේශස්, මාතර රාහුල යන විදුහල් අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්හ.

අවසන් පුර්ව වටයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය පරාජය කළ මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජය කළ මාතර මහින්ද විද්‍යාලය අතර අවසන් මහා තරගය පැවැත්විණ.

අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය ඕවර 5 තුළදී කඩුල්ලක් දැවී ලකුණු 68 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාතර රාහුල විද්‍යාලයට ඕවර 5 තුලදී කඩලු 2 ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 47 ක් පමණි.
 
තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා, උප සභාපති ජගත් සේනාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ නේමින්ද ලකිත්ද, දක්ෂතම පන්දු යවන්නා ලෙස මාතර රාහුල විද්‍යාලයේ නදිල් සන්දේශ්ද, තරගාවලියේ වීරයා ලෙස මාතර සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිතද සම්මාන දිනා ගත්හ.


අදහස් (0)

කපිල ජයලත් අනුස්මරණ කුසලාන ශාන්ත සර්වේශස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.