ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ බෙන්තර ගාමිණි මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය කපිල ජයලත් මහතා අද (16) අභාවප්‍රාප්ත විය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 53 වැනි වියේ පසුවිය. පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවකු ද වන කපිල ජයලත් මහතා වසර 20 ක පමණ කාලයක් තුළ පාසල් ක්‍රිකට් සංගමයේ තනතුරු රැසක් දරමින් විශිෂ්ට සේවයක් කළ නිලධාරියෙකි. හෙතෙම පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ තරගාවලි කමිටු ලේකම් වශයෙන්ද කටයුතු කර තිබේ.
ජයලත් මහතාගේ දේහය ‘සුමන මැඳුර’, හෙප්ටුමුල්ල, අම්බලන්ගොඩ යන ලිපිනයේ නිවසේ තැන්පත් තර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අම්බලන්ගොඩ පොදු සුසාන භූමියේදී ඉරිදා (18) සිදුකිරීමට නියමිතය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.