Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඳුරට සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

කඳුරට සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

Nisanka Sandeepani - 2018 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවේ පාසල් මහ ක්‍රිකට් තරග අතර තුන්වැනි පැරණිතම තරගය වන මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංස්වුඞ් විද්‍යාලය අතර 112 වන  වරට පැවැති ‘කඳුරට සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරව නිමා විය. සිවුවැනි ඉනිමේදී ඕවර් 39 තුළදි ලකුණු 240 ක ඉලක්කයක් කරා ගිය ධර්මරාජ විද්‍යාල කණ්ඩායමට ලබාගතහැකි වුයේ කඩුලු 8 ක් දැවී ලකුණු 122 ක් පමණි. 


සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියේදි පැවැත්වුනු තරගයයේ පළමු ඉනිම මහනුවර කිංස්වුඞ් විද්‍යාලය ඕවර 53 දි සියලු දෙනාම දැවි ලකුණු 166  ක් ලබා ගත් අතර මහනුවර ධර්මරාජ ක්‍රීඩකයෝ පළමු දින අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 97 ක් ලබා ගත්හ. 

දෙවන දිනයේදි ධර්මරාජ විද්‍යාල පිලේ සියලු දෙනාම ලකුණු 111 දැවි ගිය අතර ඉන් පසු මහනුවර කිංස්වුඞ් විද්‍යාලය ලකුණු 184 ලබා ගැනිමට සමත් විය. කිංස්වුඞ් විද්‍යාලයේ ගනිඳු කඹුරුගමුව (නායක) හා සෞම්‍ය පියසේන (උප නායක) 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවයක් ගොඩනැගිමට සමත් වූහ.

කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම - ඕවර් 53 කදී සියලු දෙනා දැවී 166 
(ධනංජය මදුරංග 42, දුලින් විජේනාරායන 40, ගනිදු කඹුරුගමුව 33, දුමිදු දමිශ්ක 20, හෂික ගමගේ 12, යසිත සමරරත්න 49/3, උපේන්ද්‍ර වර්නකුලසූරිය 35/2, විරාජිත ඇහලෙපොල 47/2) 

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර් 51 කදී සියලු දෙනා දැවී 111 
(භවන්ත උඩංගමුව 30, ඉසුරු දයානන්ද 24, සචින්ත සේනානායක 19, දුලාජ් බන්ඩාර 12, ලක්මාල් ද සිල්වා 40/3, උත්පල ජයලත් 22/3) 

කිංග්ස්වුඞ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර් 40.4 කදී කඩුලු 5 ක් දැවී 184 
(ගනිදු කඹුරුගමුව 58, සෞම්‍ය පියසේන 60, හංෂික ගමගේ 38, විරාජිත් ඇහළපොල 53/2) 

ධර්මරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර් 45 කදී කඩුලු 8 ක් දැවී 122 
(සචින්ත සේනානායක 52, ඉසුරු දයානන්ද 31, චේතිය ඒකනායක 21, ලක්මාල් ද සිල්වා 48/3, ගනිදු කඹුරුගමුව 21/3) 

 


අදහස් (1)

කඳුරට සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.