Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය. කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය ලකුණු 87 කින් පරාජය කිරීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට අවස්ථාව හිමිවිය.
වර්ෂාව හේතුවෙන් තරගය දෙපිලටම ඕවර 23 කට සීමාවූ අතර කාසියේ වාසිය දිනු පානදුර යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කළේය.
ඕවර 23 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 156 ක් රැස්කිරීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය. සේශාන් සිල්වා (නොදැවී 61) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර වී.ජෙතුශාන් සහ එම්.අභිනාෂ් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට ඕවර 16.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 69 ක් පමණි. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ සේශාන් සිල්වා ලකුණු 09 කට කඩුලු 3 ක් දවාගත් අතර දිශාන් ප්‍රමෝද්, සිතුම් අකිලංක සහ අශේන් චාරූක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 23 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 156
(සේශාන් සිල්වා නොදැවී 61, අයෝන් ප්‍රනාන්දු 24, වී.ජෙතුශාන් 16/2, එම්.අභිනාෂ් 24/2)
ශා.ජෝන් විද්‍යාලය - ඕවර 16.1 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(වී.ජතුශාන් 30, සේශාන් සිල්වා 09/3, දිශාන් ප්‍රමෝද් 02/2, සිතුම් අකිලංක 16/2, අශේන් චාරූක 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.