Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කිරිඳවැල මැදි විදුහල සමත් විය.
මීගමුව හරිෂ්චන්ද්‍ර විදුහලට එරෙහිව වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව කිරිඳවැල මැදි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ කිරිඳවැල මැදි විදුහලේ දුවිඳු නිෂාන් (නොදැවී 102) ශතකයක් ලබාගත්තේය.
කිරිඳවැල මැදි විදුහල - ඕවර 54.4 කදී කඩුලු 8 ක් දැවී 207
(දුවිඳු නිෂාන් නොදැවී 102, ශෂ්‍රික චමත් 64, දේවින්ද දර්ශන 61/3, ආදිත්‍ය ප්‍රනාන්දු 41/2)
මීගමුව හරිෂ්චන්ද්‍ර විදුහල - ඕවර 43 කදී කඩුලු 7 ක් දැවී 97
(මිහිෂාන් ප්‍රනාන්දු 23, පවන් මනීෂ 33/2, විභූති ප්‍රියාන් 08/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.