Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියානු සංචිතයට අතිරේක 6 ක්

ඕස්ට්‍රේලියානු සංචිතයට අතිරේක 6 ක්

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෛව ආරක්‍ෂිත බුබුලු තුල රැදී සිටීම හේතුවෙන් ඇතිවන තෙහෙට්ටුව නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුම බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ සංචාර මඟ හැරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එබැවින් ඕස්ට්‍රේලියානු සීමිත ඕවර සංචිතයට තවත් ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත් කිරීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පියවර ගෙන ඇත. 

පසුගිය මාසයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අත්හිටුවීමෙන් පසු සිය මව්බිම වෙත පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ තවත් කිහිප දෙනෙකු ඉදිරි සංචාර වලින් විවේක ගන්නා බව මාධ්‍ය වෙත පවසා ඇත. ඒ හේතුවෙන් හදිසියේ ඇතිවන තත්ත්වයකට මුහුණදීම සඳහා ඩෑන් ක්‍රිස්ටියන්, බෙන් මැක්ඩර්මොට්, කැමරන් ග්‍රීන්, ඇෂ්ටන් ටර්නර්, වෙස් ආගාර් සහ නතාන් එලිස් යන ක්‍රීඩකයන් සංචිතයට එක්කර තිබේ. ඉදිරි සති කිහිපය තුළ කණ්ඩායම තෝරා ගන්නා බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. 

“දීර්ඝ කාලයක් ජෛව සුරක්ෂිත බුබුලු තුල සහ දැඩි නිරෝධායනය කිරීම් වලට සීමාවීම මෑත කාලීනව සමහර ක්‍රීඩකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍යයට සහ යහපැවැත්මට බලපා තිබෙනවා” යැයි ඕස්ට්‍රේලියාවේ ජාතික තේරීම් කමිටු නිළධාරී ටේ‍රවර් හෝන්ස් මහතා පැවසීය.

ක්‍රීඩකයන්ගේ, කාර්ය මණ්ඩලයේ සහ නිලධාරීන්ගේ යහපැවැත්මට ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇති බව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර ඇති අතර, මෙය කොරෝනා වසංගත සමයේ දී ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩා කණ්ඩායම්වලට එල්ල වී ඇති අසාමාන්‍ය අභියෝගයක් වේ. කඩුලු රකින ක්‍රීඩක බෙන් මැක්ඩර්මොට් සහ තුන් ඉරියව් ක්‍රීඩක ඩෑන් ක්‍රිස්ටියන් ඔවුන්ගේ ප්‍රාන්ත තරග ප්‍රමාණය අඩු කර සති දෙකක නිරෝධායනය සම්පූර්ණ කිරීම සඳහා මේ සතියේ ආපසු නිවස බලා එනු ඇත.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන මාසයේ බටහිර ඉන්දීය කොදෙව්හිදී විස්සයි20 තරග 5 ක් සහ එක්දින තරග 3 ක් සඳහාත් අගෝස්තු මාසයේ බංග්ලාදේශයේදී විස්සයි20 තරග 5 ක් සඳහාත් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී. 

මෙම සංචාර දෙකම ජෛව ආරක්ෂණ විධිවිධාන හා ඒ ඒ රජයන්හි අනුමැතිය පිළිබඳ එකඟතාවයට යටත් වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි. 

- 2079


අදහස් (0)

ඕස්ට්‍රේලියානු සංචිතයට අතිරේක 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.