ඕස්ට්‍රේලියානු යොවුන් පිල එයි
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3 කට සහ තෙදින තරගයකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායම දෙසැම්බර් මස 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
එහිදී යොවුන් එක්දින තරග 3 ජනවාරි මස 3 වැනිදා, 5 වැනිදා සහ 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙදින තරගය 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගිවන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා සංචිත ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
තරග කාලසටහන
■ ජනවාරි 3 වැනිදා - පළමු යොවුන් එක්දින තරගය - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
■ ජනවාරි 5 වැනිදා - දෙවැනි යොවුන් එක්දින තරගය - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
■ ජනවාරි 7 වැනිදා - තෙවැනි යොවුන් එක්දින තරගය - පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
■ ජනවාරි 10 වැනිදා සිට 12 වැනිදා දක්වා - තෙදින තරගය - එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
-036