Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් යන පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව මිල්කා

ඔලිම්පික් යන පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව මිල්කා

editorial - 2021 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වීමේ අවස්ථාව උදාකර ගත් පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන මිල්කා ගෙහානි, ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී ඇති ක්‍රීඩිකාවකි. 2003 වසරේ අප්‍රේල් මස 24 වැනිදා කොළඹදී උපන් ඇය පසුගිය කාල වකවානුව තුළ සහභාගි වූ ජාත්‍යන්තර තරගාවලි‍න්හිදී දැක්වූ දක්ෂතා අනුව මහද්වීපික කෝටා ක්‍රමයට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා සිටින්නීය.

2018 වසරේ ආර්ජන්ටිනාවේදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ගෙහානි, එහි 28 වැනි ස්ථානයට පත්වූවාය.  

2019 වසරේ ජර්මනියේදී පැවැති ලෝක ජිම්නාස්ටික් ශූරතාවලියේදී 114 වැනි ස්ථානයට පත් වූ ගෙහානි, ජපානයේදී පැවැති ජාත්‍යන්තර ජිම්නාස්ටික් ශූරතාවලියේදී 40 වැනි ස්ථානයට පත්වූවාය. 2017 වසරේ තායිලන්තයේදී සහ 2018 වසරේ ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලීන්ටද සහභාගි වූ ඇය, එහිදී පිළිවෙලින් 8 වැනි සහ 14 වැනි ස්ථාන හිමිකර ගත්තාය.

ගෙහානි ජාත්‍යන්තර තරගාවලියකදී පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2016 වසරේදී වන අතර ඒ නැමීබියාවේදී පැවැති කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීය. එහිදී ඇය 10 වැනි ස්ථානයට පත්වූ අතර ඇගේ කැපී පෙනුණු දස්කම් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ සිවුවැනි ස්ථාන හිමිවිය.

වයස අවුරුදු 8 ක් වන විට ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාව දිනූ ගෙහානි, 2019 වසරේදී ජපානයේ නේවාසික පුහුණුවක් සඳහා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ශිෂ්‍යත්වයක්ද හිමිකර ගත්තාය. රංජන් තරංග මහතා ගෙහානිගේ පුහුණුකරුවා ලෙස කටයුතු කරයි.

සැකසුම - ශානුක අරවින්ද


අදහස් (0)

ඔලිම්පික් යන පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව මිල්කා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.