වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට එච්.එස්.බී.සී. කණ්ඩායම සමත් විය.
තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී වර්තූසා කණ්ඩායමට එරෙහිව ලකුණු 50-42 ක ජයක් වාර්තා කරමින් එච්.එස්.බී.සී. ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ලකුණු 19 බැගින් ලබා සම තත්වයේ පසුවුවද, දෙවැනි අර්ධය නිමාවන විට වර්තූසා කණ්ඩායමට වඩා ලකුණු ලකුණු 8 ක් ඉදිරියෙන් සිටීමට එච්.එස්.බී.සී. කණ්ඩායමට හැකි විය.
අවසන් තරගයේදී එච්.එස්.බී.සී. කණ්ඩායම වෙනුවෙන් හසන්ත ගුණවර්ධන ලකුණු 17 ක් රැස්කළ අතර වර්තූසා කණ්ඩායම වෙනුවෙන් දිල්ක සිරිමාන්න ලකුණු 13 ක් රැස්කළේය.
එච්.එස්.බී.සී. කණ්ඩායමේ හසන්ත ගුණවර්ධන අවසන් තරගයේ වීරයා ලෙසත්, එම කණ්ඩායමේම ප්‍රමෝත් වීරසිංහ ‘ඩී’ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.