Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තයට විනය පරීක්ෂණයක්

එංගලන්තයට විනය පරීක්ෂණයක්

editorial - 2021 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඩෙන්මාර්ක කණ්ඩායමේ දැල රකින ක්‍රීඩක කැස්පර් ස්මයිකල් වෙත ලේසර් කිරණයක් ‍යොමු කිරීම සම්බන්ධයෙන් යූරෝපීය පාපන්දු සම්මේලය, එංගලන්ත පාපන්දු සම්මේනයට වෝදනා එල්ල කර ති‍බේ.

අතිරේක කාලයේදී එංගලන්ත නායක හැරී කේන් දඬුවම් පහරක් ලබාගැනීමට පෙර ස්මයිකල්ගේ මුහුණ මත කොළ පැහැති ලේසර් කිරණයක් පතිත වන ආකාරය රූපවාහිණිය ඔස්සේ විකාශනය විය.

ස්මයිකල්ගේ දක්ෂ පන්දු රැකීම හේතුවෙන් එම දඬුවම් පහර සාර්ථක කරගැනීමට කේන්ට ‍නොහැකි වූ නමුත් එතැන් පටන් විනාඩියක් ගතවනවාත් සමග යළිත් ක්‍රියාත්මක වූ කේන් ගෝලයක් ලබාගනිමින් එංගලන්තයේ ජයග්‍රහණය තහවුරු කළේය.

තරග ආරම්භයට පෙර ‍ඩෙන්මාර්ක ජාතික ගීය වාදනය වෙමින් තිබියදී ගිණිකෙළි සංදර්ශන පවත්වමින් එය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන්ද එංගලන්ත පාපන්දු සම්මේලනයට චෝදනා එල්ල වී තිබේ.

‍ඩෙන්මාර්ක ජාතික ගීය වාදනය වන විට තරගය නැරඹීම සඳහා වෙම්බ්ලි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ඇතැම් ප්‍රේක්ෂකයන් විවිධ ශබ්ධ නඟමින් නොයෙක් අයුරින් ඊට බාධා කරන අයුරුද එහිදී දැකගත හැකි විය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් තම සම්මේලනයේ ආචාර්ය ධර්ම සහ විනය මණ්ඩලය විසින් ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් පවත්වන බව යුරෝපීය පාපන්දු සම්මේලනය නිවේදනයක් නිතුක් කරමින් කියා සිටියේය.

-036


අදහස් (1)

එංගලන්තයට විනය පරීක්ෂණයක්
  • බද්රානි Friday, 09 July 2021 09:59 PM

    ඒ මුළු මුදලම ලංකාවේ පාලකයින්ට හොරා ගැනීමට අවස්ථාවක් ඇත්තේම නැද්ද? පුළුවන් කමක් තියනවා නම්, මේ අය එ්කටත් විදලයි පස්ස බලන්නේ. මෙවුන් ඒ තරමටම කම්බා හොරු. අනික මේ අය දන්නෙත් හොරකම් කරන්න විතරයිනේ. සමහර විට ලංකාවේ තක්කඩි ඝන ගෙඩි ටික එංගලන්තෙට පැටෙව්වා නම් අනිත්‍ය ගැන බන දෙසලා සුද්දන්ගේ මුදල් නිකම්ම අරගෙන එන්න හැකිවෙයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.