Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය පෙරමුණ රැකගනී

එංගලන්තය පෙරමුණ රැකගනී

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී පැවැති එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වුවද, අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතර පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්වී තිබේ. මාර්තු මස 28 වැනිදා යාවත්කාලීන කරන ලද එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 121 කි.

එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් වුවද, එංගලන්තයට වඩා ශ්‍රේණිගත ලකුණු 2 ක් පසුපසින් සිටින ඉන්දියාවට (ශ්‍රේණිගත ලකුණු 119) හිමිව ඇත්තේ එක්දින කණ්ඩායම් අතර දෙවැනි ස්ථානයයි. ඉන්දියාව සමග කරට කර සටනක නිරතව සිටින නවසීලන්තය එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ඔවුහු ඉන්දියාවට වඩා එක් ශ්‍රේණිගත ලකුණක් පසුපසින් සිටිති.

ඉකුත් සතියේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද නවසීලන්ත සමත් විය. කලකට පසු එක්දින ශ්‍රේණිගත කිරීම්හි තරමක් පසුබෑමකට ලක්ව සිටින ඕස්ටේ්‍රලියාව ශ්‍රේණිගත ලකුණු 111 ක් සමගින් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ.

-036


අදහස් (0)

එංගලන්තය පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.