Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උෂාන් - ඉසුරු ශූරතා දිනති
කොත්මලේ කඳු තරණය

උෂාන් - ඉසුරු ශූරතා දිනති

editorial - 2021 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෙංකඩගල මෝටර් රථ ක‍්‍රීඩා සමාජය සහ ශ‍්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව සංවිධානය කළ ‘කොත්මලේ කඳු තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ වේගවත්ම රියැදුරා ලෙස උෂාන් පෙරේරාද, වේගවත්ම යතුරුපැදිකරුවා ලෙස ඉසුරු මධුරංගද සම්මාන දිනාගත්හ.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේදී තත්ත්පර 49.666 ක කාලයක් වාර්තා කරමින් උෂාන් පෙරේරා තරගාවලියේ වේගවත්ම මෝටර් රථ ධාවකයා බවට පත් විය. ඉසුරු මධුරංග වේගවත්ම යතුරුපැදිකරුවා බවට පත්වූයේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩරද ධාරිතාව 450 දක්වා) යතුරුපැදි ඉසව්වේදී තත්ත්පර 51.268 ක කාලයක් වාර්තා කරමිනි.

යතුරුපැදි තරග ඉසවු 11 කින් මෝටර් රථ තරග ඉසවු 13 කින් සමන්විත වූ මෙම තරගාවලිය සඳහා යතුරුපැදිකරුවන් 80 ක් සහ රියාදුරන් 130 ක් සහභාගි වූහ.

ප‍්‍රවාහන හා ප‍්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහාතාගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ. තරගාවලියේ ප‍්‍රධන අනුග‍්‍රහය සියැට් සමාගම විසින්ද, සම අනුග‍්‍රහය නිපෝන් පේන්ට්ස් සමාගම විසින්ද දරන ලදි.

-036

 


අදහස් (0)

උෂාන් - ඉසුරු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.