Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉෂාන් අර්ධ අවසන් පූර්ව වටයට

ඉෂාන් අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 52 (පිරිමි) බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර සමත් විය.

තරගාවලියේ පස්වැනි දිනය වන අද (9 වැනිදා) පැවති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී නූරූ රාජ්‍යයේ යැචේන් කුක් පරාජය කරමින් ඉෂාන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

කුක් සහ ඉෂාන් අතර පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තද, අවසානයේ විනිසුරුවන් 5 දෙනාගෙන් තිදෙනෙකුගේම වැඩි ලකුණු ඉෂාන්ට හිමිවිය.

ලබන 11 වැනිදා පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ලෙ⁣සොතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆිට එරෙහිව ඉෂාන් තරග බිමට පිවිසීමට නියමිතය.

 

- 036


අදහස් (0)

ඉෂාන් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.