Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය තරගාවලියට 25 ක සංචිතයක්

ඉන්දීය තරගාවලියට 25 ක සංචිතයක්

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. මෙම සංචිතයට එංගලන්ත සංචාරයට එක් නොවූ ක්‍රීඩකයන් 6 දෙනෙකු අලුතින් ඇතුළත් කර ඇත.

ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් පසුගියදා වැඩිපුර කතාබහට ලක්වූ භානුක රාජපක්ෂ මෙම සංචිතයට එක්කර තිබීම විශේෂත්වයකි. මීට දින කිහිපයකට පෙර පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන්ද ඔහු සමත්වී තිබුණි. කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට හිමිව ඇති අතර ඔහුගේ උපනායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරනු ඇත.

එංගලන්ත සංචාරයට එක්වූ 24 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධණුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් ඉවත්කර තිබේ. ඒ වෙනුවට අශේන් බණ්ඩාර, ළහිරු උදාර, මිනෝද් භානුක, ළහිරු කුමාර, කසුන් රාජිත සහ භානුක රාජපක්ෂ කණ්ඩායමට ඇතුළත් කර ඇත.

එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්‍ෂිත නියමයන් උල්ලංඝණය කිරීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධණුෂ්ක ගුණතිලක කලින්ම ඉවත්කර තිබුණි.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 13, 16 සහ 18 දිනයන්හිදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය මේ මස 21, 23 සහ 25 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත. සියළුම තරග ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ආමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති නමුත් මෙතෙක් ඔහුගේ අනුමැතිය ලැබී නොමැත.


එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උපනායක), කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ශිරන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාර, ළහිරු උදාර, මිනෝද් භානුක, ළහිරු කුමාර, කසුන් රාජිත සහ භානුක රාජපක්ෂ.    

 


අදහස් (0)

ඉන්දීය තරගාවලියට 25 ක සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.