Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය ගුවන් හමුදා හොකී පිල එයි

ඉන්දීය ගුවන් හමුදා හොකී පිල එයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම මේ මස 12 වැනිදා සිට 17 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

ඉන්දීය ගුවන් හමුදා හොකී කණ්ඩායම මෙම කාලය තුළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායම සමග තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර ඔවුන් ශ‍්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කිරීමටද නියමිතය.

එම තරග මේ මස 13 වැනිදා පස්වරු 4.00 ට සහ 16 වැනිදා පෙරවරු 9.00 ට කොළඔ 07, ක‍්‍රීඩා අමාත්‍යංශ කෘතිම හොකී ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සංචාරයෙහි සියලූ කටයුතු සංවිධානය කරයි.


- 036

 


අදහස් (0)

ඉන්දීය ගුවන් හමුදා හොකී පිල එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.