Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය කාර්යමණ්ඩල සාමාජිකයකුට කොරෝනා

ඉන්දීය කාර්යමණ්ඩල සාමාජිකයකුට කොරෝනා

editorial - 2020 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වීමට නියමිතව සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය වැළදී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසීය. ලබන ඉරිදා (1 වැනිදා) ඔහු ඩුබායි වෙත යාමට නියමිතව සිටි නමුත් දැන් පවතින තත්ත්වය යටතේ ඔහුට දින 14 ක් නිරෝධායනය වීමට සිදුවෙයි.

ඔහුට නැවතත් කොරෝනා පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදුවන අතර එය ඍණාත්මක වුවහොත් පමණක් ඔහු ඩුබායි වෙත පියාසර කරනු ඇත.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි, පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරූන්, පිතිහරඹ පුහුණුකරු වික්‍රම් රතෝරේ, පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් සහ කළමණාකරු ගිරිෂ් ඩොන්ග්‍රී යන මහත්වරුන් පසුගියදා ඉරිදා ඩුබායි බලා පිටත්ව ගියහ. ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නිර්මානය කර ඇති ජෛව බුබුලට ඔවුන් එක්වන අතර ඉන්දීය කණ්ඩායම නොවැම්බර් 12 වැනිදා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යනු ඇත. ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් වන චෙතේශ්වර් පුජාරා සහ හනුමා විහාරි යන ක්‍රීඩකයින් දෙදෙනාද ජෛව බුබුල සමගින් එක්වූහ.

“සහායක කාර්ය මණ්ඩයේ සාමාජිකයා නිරෝධායනය යටතේ තබා ඇති අතර ඔහුගේ පරීක්ෂණය ඍණාත්මක වූවොත් පමණක් ඔහුට ඩුබායි හි අපේ කණ්ඩායමට එක්වීමට ඉඩ දෙනවා යැයි” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

ඉන්දීය කණ්ඩායම මාස දෙකක දිගු කාලයක් ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වෙයි. ක්‍රීඩකයින් ඩුබායි සිට ඔවුන්ටම වෙන්වූ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව වෙත පියාසර කරනු ඇත. කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගාවලියද මෙයයි.

මේ අතර, ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තම පවුලේ සාමාජිකයන්ටද ඕස්ට්‍රේලියාවට යාමට අවසර ලබා දෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් මේ වනතෙක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් නිවේදනය කර නොමැත. කෙසේවෙතත්, දැනට පවතින අයි.පී.එල්. තරගාවලියේදී බොහෝ ක්‍රීඩකයින් තම භාර්යාවන් ඩුබායි වෙත කැඳවීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත. මෙම ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන් අදාළ කණ්ඩායම් වල ජෛව බුබුලු සමඟ සම්බන්ධ වීමට පෙර දින හයක නිරෝධායනයකට භාජනය විය යුතුය.

ඕස්ට්‍රේලියාව ලෝකයේ දැඩි නිරෝධායන නීති පනවන ලද රටවල් වලින් එකකි. එය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. එසේ නමුත් ක්‍රීඩකයින්ට ජෛව බුබුලේ දීර්ඝ කාලසීමාවක් රැඳී සිටිමට සිදුවනු ඇත.

ඔවුන් දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාස දෙකකට ආසන්න කාලයක් ගත කර ඇති බැවින් ඉන්දියානු ක්‍රීඩකයින් අවම වශයෙන් යම් කාලයක් පවුලේ සාමාජිකයන් සමඟ සංචාරය කිරීමට අපේක්ෂා කරයි.


- 2079

 


අදහස් (0)

ඉන්දීය කාර්යමණ්ඩල සාමාජිකයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.