Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් ශූරතාවලිය ඇතූළත් තරග කාල සටහන අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ නායකත්වය චමරි අතපත්තු වෙත හිමිවී ඇත.

පළමු එක්දින තරගය 11 වැනිදාත්, දෙවැනි එක්දින තරගය 13 වැනිදාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙවැනි එක්දින තරගය 16 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එක්දින තරගාවලියෙන් අනතුරුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 19 වැනිදා සිට 25 වැනිදා දක්වා කටුනායක මේරියන්ස්, කෝල්ට්ස්, සී.සී.සී යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ.

කාන්තා ශූරතාවලිය සඳහා මෙම වසරේ මාර්තු මාසයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිවුදෙනෙකු මෙවර ඉන්දීයාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට කැඳවා නොමැත.

චමරි පොල්ගම්පොල, රෙබෙකා වැන්ඩර්ට්, අචිනි කුලසූරිය සහ ඉනෝෂි ප්‍රනාන්දු එක්දින සංචිතයෙන් ඉවත්කර අනුෂ්කා සංජීවනී, නිලක්ෂී ද සිල්වා, ඉමල්කා මෙන්ඩිස් සහ උදේෂිකා ප්‍රබෝධනී සංචිතයට කැඳවා සිටිති. 

ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකාව), ප්‍රසාදනී වීරක්කොඩි, අනුෂ්කා සංජීවනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඩිලානී මනෝදරා, ශශිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, ඉමල්කා මෙන්ඩිස්, ශ්‍රීපාලී වීරක්කොඩි, සුගන්ධිකා කුමාරී, ඉනෝකා රණවීර, උදේෂිකා ප්‍රබෝධනී, අමා කාංචනා, කවීශා දිල්හාරී.

තරග කාලසටහන
පළමු එක්දින තරගය - සැප්තැම්බර් 11 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
දෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් 13 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
තෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් 16 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

පළමු විස්සයි20 තරගය - සැප්තැම්බර් 19 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
දෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් 21 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
තෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් 22 වැනිදා සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
සිවුවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් 24 වැනිදා සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
පස්වැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් 25 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.