Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාව ගෝල 8-0 කින් ශ්‍රී ලංකාව පරදවයි
සාෆ් 19 න් පහළ පාපන්දු

ඉන්දියාව ගෝල 8-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2025 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු වයස 19 න් පහළ පාපන්දු තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (9 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ගෝල 8-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. 

තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ඉන්දීය යොවුන් කණ්ඩායම ගෝල 4-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. දෙවැනි අර්ධයේදී තවත් ගෝල 4 ක් වාර්තා කළ ඉන්දීය යෞවනයෝ, ශ්‍රී ලංකාවට එක් ගෝලයක් හෝ වාර්තා කිරීමට ඉඩක් ලබා නොදුන්හ. 

එහිදී ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඩැනී ලයිෂ්රාම් ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ අතර ජේජෝ ප්‍රශාන් ගෝල ද්විත්වයක් වාර්තා කළේය. එම්.ඩී. අර්බාෂ්, ඕමන්ග් දෝඩුම් සහ සිංගමයුම් ශාමි ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් සෙසු ගෝල 3 ලබාගත්හ. 

මෙම තරගයේදී දෙපිලම ක්‍රීඩක ආදේශ කිරීම් 5 බැගින් සිදු කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ඉර්ෆාන් අබ්දුල් හමීඩ් සහ රෝයිසන් බි්‍රජට් විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත්ව ගියහ. 

තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය නේපාලයට එරෙහිව හෙට (11 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට පැවැත්වේ. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් අනිවාර්යෙන්ම මෙම තරගය ජයගත යුතුව තිබේ. 

(ඡායාරූප - ඉන්දීය පාපන්දු නිල ෆේස්බුක් පිටුවෙනි)

- 036


අදහස් (0)

ඉන්දියාව ගෝල 8-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.