Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇෆ්ඝනිස්තාන් - නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

ඇෆ්ඝනිස්තාන් - නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර අද (26 වැනිදා) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය. තරගය ඕස්ටේ්‍රලියාවේ වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණද, දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් රාත්‍රී 9.25 වන තුරුත් තරගය ආරම්භ කළ නොහැකි විය.

පසුව තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමන ලදි. තරගය සඳහා වන ප්‍රසාද ලකුණු 1 ක බැගින් දෙපිලටම හිමිවිය.

දෙපිලටම ඕවර 5 ක තරගයක් පැවැත්වීමට නම් අඩුම වශයෙන් රාත්‍රී 10.10 ට වත් තරගය ආරම්භ කළ යුතුව තිබිණ. එහෙත් 9.20 ට පමණ ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරුන් වන කුමාර් ධර්මසේන සහ පෝල් විල්සන් දෙදෙනාගෙත්, තරග තීරක රන්ජන් මඩුගල්ල මහතාගේත් නිගමනය වූයේ තරගය අත්හැර දැමීම විනා වෙනත් විකල්පයක් නැති බවයි.


අදහස් (0)

ඇෆ්ඝනිස්තාන් - නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.