Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරම්භයේදීම ශූරයන්ට වරදී

ආරම්භයේදීම ශූරයන්ට වරදී

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ශූරතා මංචි කුසලාන වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් (පිරිමි) තරගාවලියේ ආරම්භක තරගයෙන්ම ගියවර කුසලාන දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කිරීමට පොලිස් ක්‍රීඩකයෝ ඊයේ (7) සමත්වූහ.

ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් පියස ගෘහස්ථ පිටියේදී ජාතික ශූරතා සුපර් ලීග් කාන්තා හා පිරිමි මූලික වට හා අවසන් පූර්ව තරග පැවැත්වේ. එහිදී මෙම 24 වැනිදා පැවැත්වෙන කාන්තා තරගාවලියේ අවසන් මහ තරගයට යුද හමුදාව හා ගුවන් හමුදාව සුදුසුකම් ලබා ගැනීමට ඊයේ සමත් වූහ.

ඒ අතර පිරිමි තරගාවලිය ඊයේ ආරම්භ විය. එහිදී වට 3-1ක පෙරළිකාර ජයක් (25/12 – 20/25 – 25/22 - 25/18) ගියවර ශූරයන් වූ ගුවන් හමුදාව පරදවමින් පොලිස් කණ්ඩායම ලැබීම ආරම්භයේදීම විශේෂ සිදුවීමක් විය. අවසන් පූර්ව පරාජිතයන් වන හයිඩ්‍රාමනි කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර පැවති කාන්තා තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ ජය 3-0 කට හිමිවූයේ හයිඩ්‍රාමනි කණ්ඩායමටයි.


අදහස් (0)

ආරම්භයේදීම ශූරයන්ට වරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.