Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරග ඇරඹෙයි

ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරග ඇරඹෙයි

ශනුක අරවින්ද - 2013 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස විවෘත බැඞ්මින්ටන් තරගාවලිය ඊයේ (03 වැනිදා) ආරම්භ විය. ඉදිරිපත් වී තිබෙන අයැදුම්පත් සංඛ්‍යාව ඉහළ යාම නිසා එම  තරගාවලියේ තරග අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ගෘහස්ථ කී‍්‍රඩාගාරවලදී පැවැත්වීමට තීරණය වී තිබේ.

ප‍්‍රධානතම තරග අංශ 5 ට අමතරව වයස අවුරුදු 15 න්, 17 න් සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා යන අංශ දෙකින්ම කේවල සහ යුගල තරග පැවැත්වේ. ප‍්‍රථම වරට මෙම වයස් කාණ්ඩ තරග, ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා යොදා ගැනීමටද සංවිධායකයන් පියවර ගෙන තිබේ.

මීට අමතරව ජේෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් අවුරුදු 35 න් ඉහළ කාන්තා, 40 න් ඉහළ පිරිමි සහ 50 න් ඉහළ පිරිමි යන වයස් කාණ්ඩ වලින්ද කේවල සහ යුගළ තරග පැවිත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය හා දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන මෙම තරගාවලියේ සියලූ තරග ජාතික ශ්‍රේණිගත කිරීම් වල පළමු කාණ්ඩයට ඇතුළත් වේ. තරගාවලියේ ත්‍යාග සඳහා වෙන්කර ඇති මුලූ මුදල රුපියල් ලක්ෂ 5 කි.

මෙවර තරගාවලියට සහභාගීවී සිටින තරගකරුවන් සංඛ්‍යාව පසුගිය වසරේ සහභාගීත්වයට වඩා ඉහළ අගයක් ගන්නා අතර තරගවෙලියේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 450 කට ආසන්නය.

ජූනි මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය, නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල්දැමීමෙන් අනතුරුව නැවතත් මේ මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට බැඞ්මින්ටන් සංගමය තීරණය කළේය.

 


අදහස් (0)

ආරියදාස සිල්වා බැඞ්මින්ටන් තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.