Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් තරග දෙකටම පුත්තලම

අවසන් තරග දෙකටම පුත්තලම

editorial - 2023 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික තරුණ සේවා සභාව ජාතික රූපවාහිනී සංස්ථාවේ සහයෝගයෙන් 35 වැනි වරටත් සංවිධානය කරන තරුණ සේවා - රූපවාහිනී අභියෝගතා ශූරතා වොලිබෝල් තරගමාලාවේ අවසන් මහ තරග හා තෙවැනි ස්ථාන තේරීමේ තරග අද (23) පෙරවරු 8 සිට මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කය කාන්තා හා පිරිමි අවසන් මහ තරග දෙකටම නිර්දේශ ලබා ගැනීමට සමත්ව සිටීම කැපී පෙනේ.

තරගමාලාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 26ක් බැගින් සහභාගි වූහ. ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි ජයසංකේත ප්‍රදානෝත්සවය අද පස්වරු 5ට පැවැත්වේ.

 

තරගාවලියේ අවසන් මහ තරග හා තෙවැනි ස්ථාන තේරීමේ තරග

කාන්තා
පෙරවරු 10ට:-
• තෙවැනි ස්ථාන තේරීමේ තරග:- ගම්පහ හා බදුල්ල අතර
• පස්වරු 1ට අවසන් මහ තරගය:- පුත්තලම හා ගාල්ල අතර

පිරිමි
• පෙරවරු 8ට:- තෙවැනි ස්ථානය තේරීමේ තරගය:- කෑගල්ල හා කොළඹ අතර
• පස්වරු 3ට:- අවසන් මහ තරගය:- ගම්පහ හා පුත්තලම අතර


අදහස් (0)

අවසන් තරග දෙකටම පුත්තලම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.