Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අර්ධ අවසන් පූර්ව වටය 17-18 දා

අර්ධ අවසන් පූර්ව වටය 17-18 දා

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මීගමුව, එස්.එස්.සී, බී.ආර්.සී, ද්‍රවිඩ සංගමය, කෝල්ට්ස්, මූවර්ස්, ගාල්ල සහ බ්ලූම්ෆීල්ඞ් යන ක්‍රීඩා සමාජ සමත්වූහ.


කාණ්ඩ 8 ක් යටතේ කණ්ඩායම් 24 ක් තරග වැදුණු අතර ඒ ඒ කාණ්ඩයන්හී වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.


අර්ධ අවසන් පූර්ව වටය 17 සහ 18 වැනිදා පී.සරවනමුත්තු, ආර්.ප්‍රේමදාස, සී.සී.සී සහ කටුනායක ගුවන් හමුදා ක්‍රිඩාංගණ වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළමු අ.අ.පූ. තරගය - මීගමුව ක්‍රී.ස සහ එස්.එස්.සී අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

දෙවැනි අ.අ.පූ. තරගය - බී.ආර්.සී සහ ද්‍රවිඩ සංගමය අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

තෙවැනි අ.අ.පූ. තරගය - කෝල්ට් සහ මූවර්ස් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

සිවුවැනි අ.අ.පූ. තරගය - ගාල්ල ක්‍රී.ස. සහ බ්ලූම්ෆිල්ඩ අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

අර්ධ අවසන් පූර්ව වටය 17-18 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.