Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයර්ලන්තය පියවරක් ඉහළට

අයර්ලන්තය පියවරක් ඉහළට

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් ප්‍රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉහළට ගියේය.

12 දෙනාගේ  වටයට සුදුසුකම් ලබාගත් නමුත් ඇෆ්ඝනිස්ථානයට තවමත් එකම තරගයක් හෝ ජයගැනීමට හැකිවී නැත. නවසීලන්තයට සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ තරග දෙකක් වර්ෂාවට සේදී ගියද ප්‍රසාද ලකුණු 2 ක් හිමිවී තිබේ. එහෙත් එංගලන්තය හමුවේ ලද පරාජය හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ පහළටම වැටී සිටී.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙක අතර සිටිය යුතුය.


අදහස් (0)

අයර්ලන්තය පියවරක් ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.