Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයර්ලන්ත ‘ඒ’ පිලේ මැකලම් තුවාල ලබා රෝහල්ගත කරයි

අයර්ලන්ත ‘ඒ’ පිලේ මැකලම් තුවාල ලබා රෝහල්ගත කරයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්ත ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (06) පෙරවරුවේ පන්දු රකිමින් සිටියදී තුවාල ලැබූ අයර්ලන්ත ක්‍රීඩක ජේම්ස් මැකලම් රෝහල් ගතකර තිබේ.

අයර්ලන්ත පිලේ ආරම්භක පිතිකරු වන මැකලම් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මිලින්ද සිරිවර්ධන ගැසූ පුල් පහරක් ෆෝවඞ් ෂෝඞ්ලෙග්හි පන්දු රකිමින් සිටි මැකලම්ගේ හිසේ වැදුණු අතර දැඩි වේදනාවට පත්වූ ඔහු ක්‍රීඩාංගණ මැද ප්‍රථමාධාර ලැබීමෙන් පසුව ඉවත්ව ගියේය.

ඔහුගේ හිස පිටුපස හිසට සහ හිස් ආවරණය අතර පන්දුව වැදී තුවාල වී තිබේ. ඔහු දැඩි කම්පනයට ද පත්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජේම්ස් මැකලම් පළමු ඉනිමේදී අයර්ලන්ත පිලේ වැඩි ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 76 ක් රැස් කළේය.

මැකලම්ගේ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ගැරත් ඩෙලානිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසරදී තිබේ.   


අදහස් (0)

අයර්ලන්ත ‘ඒ’ පිලේ මැකලම් තුවාල ලබා රෝහල්ගත කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.