Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් අයර්ලන්ත සංචිතයේ නවක කඩුලු රකින ක්‍රීඩක නීල් රොක්ට කොරෝනා වයිරසය ආසාදනයවී ඇත.
මේ වන විට ඔහුව හුදෙකලා කිරීමට ලක් කර ඇති අතර ඒ සමගින් ඔහුට විස්සයි20 තරගාවලිය අහිමි වන බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. අයර්ලන්ත විස්සයි20 සංචිතයට නීල් රොක් කැදවූ පළමු අවස්ථාව ද මෙය වන්නේය.
නීල් රොක් වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ස්ටෙෆන් ඩොහෙනි පිතිකරුවකු ලෙස සංචිතයට කැදවා ඇත. මේ වනවිට පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක්කර ඇති ස්ටෙෆන් ඩොහෙනි ඉන් සමත්වුවහොත් හෙට (12 වැනිදා) දිනයේදී සංචිතයේ ජෛව බුබුල සමගින් එක්වනු ඇත.
නීල් රොක්ට කොරෝනා ආසාදනය වුව ද ඉන් සංචිතයේ සෙසු ක්‍රීඩකයින්ට එල්ල වූ බලපෑම ඉතා අවම මට්ටමක පවතින බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනයේ නිළධාරීහු කියති.
තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භවීමට නියමිතව ඇති අතර 2020 මාර්තු මාසයෙන් පසුව අයර්ලන්තය සහභාගිවන පළමු තරගයද වන්නේය.
මේ අතර, අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය යටතේ දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (11) ඩබ්ලින්හිදී ආරම්භවිය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.