‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ධර්මාශෝක විද්‍යාලයේ කවිඳු නදීශාන් (58) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ධර්මපාල විද්‍යාලයේ චමිඳු සමරසිංහ කඩුලු කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.5 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(හසිත රාජපක්ෂ 45, ලොහාන් සොයිසා 40, කවිඳු නදීෂාන් 26, චමිඳු සමරසිංහ 20/4, ඩිල්ෂාන් ද සිල්වා 46/4)
ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(විහඟ ගුණරත්න 34, දුලාජ් එගොඩගේ 26, ලොහාන් සොයිසා 21/3, ලක්ෂාන් ධනංජය 23/3, අභීත් චන්ද්‍රගුප්ත 23/2)
ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 48.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 121
(කවිඳු නදීශාන් 58, ලොහාන් සොයිසා 40, චමිඳු සමරසිංහ 37/5, ඩිල්ෂාන් ද සිල්වා 45/2)
ධර්මපාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 25 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 90
(දුලාජ් එගොඩගේ නොදැවී 45, අවිශ්ක හසරින්ද 23, ලොහාන් සොයිසා 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.