රෙඞ්බුල් ආයතනය විසින් සරසවි සිසුන් සඳහා සංවිධානය කරන එකම ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබාගන්නා විශ්වවිද්‍යාල කණ්ඩායම තෝරාගැනීමේ තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත.
මෙම ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලිය තුළින් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම සරසවි කණ්ඩායම නියෝජනය කිරීමටත්, තමන්ගේ රට රෙඞ් බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ජාත්‍යන්තර වශයෙන් බැබළවීමටත් හැකියාව ලැබෙනු ඇත.
සරසවි මට්ටමේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ වැදගත්කම එදා පටන්ම රෙඞ් බුල් ආයතනය අවබෝධ කරගෙන සිටී. ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රීඩාව වන අතර එය මනස මෙන්ම ශරීරයත් එක ලෙස භාවිත කරන ක්‍රීඩාවකි.
රෙඞ්බුල් ආයතනය විසින් සරසවි සිසුන් සඳහා සංවිධානය කරන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉලක්කය වනුයේ පාසලින් ක්‍රීඩා සමාජ කරා පැමිණෙන දක්‍ෂයින්ට ජාතික මට්ටමට ළඟාවීමට පැහැදිලි මාවතක් විවර කර දීමයි.
රෙඞ්බුල් ක්‍රිකට් අතීතය පිරික්සීමේ දී ජාතික තලය ඉක්මවා ජාත්‍යන්තර මට්ටම කරා පැමිණි ක්‍රීඩකයින් රැසක් හමුවෙන අතර ඉන්දියාවේ ලෝකේෂ් රාහුල්, දකුණු අප්‍රිකාවේ ලුන්ගි නිදී, එක්සත් ආරබී එමීර් රාජ්‍යයේ චිරාග් සූරි මෙන්ම ශ්‍රී ලංකාවේ නිරෝෂන් දික්වැල්ල ඊට කදිම නිදසුන්ය. අතීත තරගාවලි පිරික්සීමේ දී ශ්‍රී ලංකාව රෙඞ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියන්හී සටන්කාමී තරගකරුවෙක් බව පැහැදිලිවම ඔප්පු කර ඇත.
සරසවි ප්‍රජාව අතර සදාතනික සුහදත්වයක් වර්ධනය කිරීම රෙඞ්බුල් ආයතනයේ මූලිකම අරමුණ වන නිසා මෙම තරගාවලිය පුරාම හදවත වන්නේ ක්‍රීඩාවයි. එබැවින් රෙඞ්බුල් ආයතන මෙහිදී ක්‍රිකට් නීති රීති පද්ධතිය ඉතා තදින්ම අනුගමනය කරනු ලබන්නේ ක්‍රිකට් ලෝකයේ ඉහළ ගුණාත්මකභාවය රඳවා ගැනීම උදෙසායි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන හිටපු ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා විධිමත් නිර්නායක පද්ධතියකට අනුව ඉහළ ක්‍රීඩාශීලීත්වයක් රඳවා ගනිමින් තරගාවලිය පැවැත්වීමේ වගකීම බාරගනු ඇත.
මෙම වසරේදී රෙඞ්බුල් ආයතනය තවත් පියවරක් ඉදිරියට තබමින් ක්‍රීඩකයින් අතර උනන්දුව වර්ධනය කර උපරිම දක්‍ෂතා දැක්වීම සඳහා 1996 ලෝක කුසලාන ජයග්‍රාහී පිළේ හිටපු ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සන්නාම තානාපති වශයෙන් පත් කර ඇති බව සඳහන් කරනුයේ ඉමහත් සතුටින්ය. රොෂාන් මහනාම මහතාගේ සහ බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාගේ පැමිණීම තරගාවයේ ජීව ගුණයත්, ක්‍රීඩාශීලීත්වයත් එක ලෙස රඳවා ගනිමින් සාර්ථක තරගාවලියක් පවත්වා ගැනීමට නිසැකවම හේතු වනු ඇති බව රෙඞ්බුල් ආයතනයේ විශ්වාසයයි.
2012 දී ප්‍රථම ආසියානු අවසන් තරගාවලියේ සත්කාරක රට බවට පත්වීමෙන් පසු 2013 වසරේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ප්‍රථම ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වූයේ මොරටු විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමයි. ඉන් පසුව 2014 දී සහ 2015 දී පිට පිටම අයි.සී.බී.ටී. කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැති සුදුසුකම් ලබාගැනීමේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් එංගලන්තයේ ඕවල් හා ඉන්දියාවේ ඩෙහාදුන් හි පැවති ලෝක කුසලාන අවසන් තරගාවලියට එක්වීය.
2016 හා 2017 යන වර්ෂ වලදී ද රෙඞ් බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට වූයේ ශ්‍රී ලංකාවයි. එම වර්ෂයන් දෙකෙහිදීම ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ අවසන් තරග ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායමයි. ඔවුන් 2016 වසරේදී රෙඞ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර 2017 වසරේදී පැවැති අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත්වූ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායමට අනුශූරතාවයෙන් සැහීමට පත්වීමට සිදුවිය.
රෙඞ් බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලිය සඳහා සිවුවැනි වරටත් ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන අතර සැප්තැම්බර් මාසයේ දී ලෝක කුසලාන අවසන් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල කණ්ඩායම් 24 ක් ජාතික ශූරතාව සඳහා මේ මස 19 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ බී.ආර්.සී හා කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරග වැදීමට නියමිතව ඇත.
අර්ධ අවසන් පූර්ව තරග මේ මස 25 සහ 26 දෙදින තුළත් අවසන් පූර්ව තරග 29 වැනිදාත් අවසන් මහා තරගය 30 වැනිදාත් කෝල්ට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.