Last Update  :  2026-03-03 16:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ලීගයේ සුපිරි 8 වටය 6 දා සිට

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ලීගයේ සුපිරි 8 වටය 6 දා සිට

editorial - 2026 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා වන සුපිරි 8 දෙනාගේ වටය මෙම මස 6 වැනිදා ආරම්භ වේ. මූලික වටය අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණඩවල මුල් ස්ථාන 4 ට පත්වූ කණ්ඩායම් සුපිරි 8 දෙනාගේ වටය යටතේ තරග වදිනු ඇත. 

‘ඒ’ කාණ්ඩයේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූ පොලිස්, සී.සී.සී., කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජත්, ‘බී’ කාණ්ඩයේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූ ඒස් කැපිටල්, මුවර්ස්, එන්.සී.සී. සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජත් සුපිරි 8 දෙනාගේ වටය යටතේ ක්‍රීඩා කරනු ඇත. 

මෙම ක්‍රීඩා සමාජ අතරින් පොලිස් සහ ඒස් කැපිටල් යන ක්‍රීඩා සමාජ මූලික වටයේදී තරග 2 බැගින් ජයගැනීමට සමත් වූ අතර සී.සී.සී., කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස් සහ එන්.සී.සී. යන ක්‍රීඩා සමාජ මූලික වටයේදී එක් තරගය බැගින් ජය ගැනීමට සමත් විය. පොලිස්, බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල්, මුවර්ස් සහ බී.ආර්.සී. කණ්ඩායම් එහිදී එක් තරගය බැගින් පරාජය විය. 

එළබෙන 6 වැනිදා ආරම්භ වන තරගවලදී පොලිස් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය සී.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, සී.සී.සී. ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත්, කොල්ට්ස් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීත් තරග බිමට පිවිසෙනු ඇත. 

සුපිරි 8 දෙනාගේ වටයේ තවත් තරග 12 ක් 6 වැනිදායින් පසුව එළබෙන ඉදිරි සති අන්ත තුනේදී පැවැත්වෙන අතර එම තරග නිමාවට පත්වන විට ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගන්නා කණ්ඩායම බවට පත්වනු ඇත. 

 


අදහස් (0)

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ලීගයේ සුපිරි 8 වටය 6 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.