අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී නොවන බව ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භවන ගිම්හාන ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා රජයේ ගෞරවණීය ආරාධිතයන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා එම මැතිණිය ආරාධනා ලබා සිටියහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මීට පෙරත් ඔලිම්පික් උළෙල කීපයක සමාරම්භක උත්සවයට සහභාගිවූවෙකි. කෙසේ වුවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගිවීම සඳහා මෙම 21 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ඔහු නැවත දිවයිනට පැමිණෙන්නේ මෙම 27 වැනිදාය.
සමාප්ත උත්සවයට සහභාගිවන ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් හා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ලබන අගෝස්තු 3 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.